ඌව පළාතේ පිහිටා ඇති බදුල්ල දිස්ත්‍රික්කය දෙස් විදෙස් සංචාරක හැමෝගෙම සිත් දිනා ගත් ස්ථානයක් ලෙස හදුන්වන්න පුලුවන් .ඉතා සෞම්‍ය දේශගුණයක් තියෙන බණ්ඩාරවෙල නගරයත් ,ඇල්ල සංචාරක කලාපයත් මෙහිදි අපට හමුවන සුන්දර ගමනාන්ත දෙකක් .☺😍👣.
මේ විතරක් නෙවේ තවත් සංචාරක ස්ථාන බොහොමයක් මෙහි දක්නට ලැබෙනවා.දැන් බලමු ඒ මොනවද කියලා .
🍀දෙමෝදර ආරුක්කු නවයේ පාලම
බදුල්ල බණ්ඩාරවෙල දුම්රිය මාර්ගයේ ගමන් කරන අපට හමුවන මෙම පාලම ඉතා ආකර්ෂණීය ස්ථානයකි .දෙමෝදර පිහිටා ඇති මේ පාලම බ්‍රිතාන්‍යන් මෙරට පාලනය කරන කාලේ ඉදිකරන ලද විශිෂ්ට නිර්මාණයක් .1872 දී වැඩ ආරම්භ කරලා 1924 දි තමයි මෙය ඉදිකරලා අවසන් වෙලා තියේන්නේ.පාලම නිර්මාණය වන්නේ කඳු දෙකක් අතර තිබෙන මඩ ගොහොරුවක නිසා මඩ ගොහොරුවේ පාදම සවි ශක්තියෙන් සකස් කර විශාල කුලුනු 10 ක් ආධාර කරගෙන තමයි ආරුක්කු නවය හදලා තියෙන්නේ .
මේ පාලම බලන්න යන්න කැමති ඔයාලට බදුල්ල බණ්ඩාරවෙල පාරේ රෙදිපිළි මධ්‍යස්ථානය ලග ඉදලා ගොටුවෙල පාරේ කිලෝමීටර් 2 ක් විතර ගමන් කරාම මෙතනට ලගා වෙන්න පුලුවන් .
ඔයාලා මේ ගැන තවත් තොරතුරු දැනගන්න කැමති නම් පහලින් තියෙන ලින්ක එක යොදා ගන්න .
🍀දුන්හිද දිය ඇල්ල
ලංකාවේ තියෙන සුන්දර දියඇලි වලින් එකක් තමයි දුන්හිඳ කියන්නේ.බදුලුපුරයට එන හැමෝගෙම සිත් දිනා ගැනීමට සමත් මේ ඇල්ල බදුල්ල නුවර ප්‍රධාන මාර්ගයේ සිට කි.මි 1 ක පමණ දුරකින් පිහිටා ඇත.බදුලුපුරයට එන ඔයාලා දුන්හිඳ ඇල්ල බලලා යන්න අමතක කරන්න නම් එපා.ඉතින් දුන්හිඳ යන්න කැමති ඔයාලට පහල තියෙන ලින්ක් එකෙන් තවත් විස්තර ගොඩක් දැන ගන්න පුලුවන් .
🍀ලිප්ටන් සීට්
ලිප්ටන් සීට් කියන්නේ පළාත් 5ක් එකම තැනක ඉදන් දකින්න පුලුවන් බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන ලෝකයේ සුන්දරම තැන් වලින් එකක්.ලංකාවේ තේ ලෝකය හදුන්වන්නේ 'ලිප්ටන් තේ ' කියලයි.ලිප්ටන් ගේ තේ වත්ත තියෙන්නේ හපුතලේ දඹේතැන්න , බණ්ඩාරවෙල පූනාගල අතර කඳු ඉස්මත්තාවේ.ස්වාභාවික සුන්දරත්වය විතරක් නෙවේ එදා ලංකාවේ වැවිලි රාජ්‍යයේ හැඩරුව කියන ජනප්‍රවාදය නිසාම මේ තැන බලන්න විශාල පිරිසක් එනවා.
බදුල්ලට එන ඔයාලට මේ තැන බලන්න යන්න පුළුවන් පහසු මාර්ගයක් පහල තියෙන ලින්ක් එකෙන් ඉක්මනින් හොයාගන්න පුළුවන් වේවි.😊
👣🍀🍀ලිප්ටන් සීට් යන පාර
(ලිප්ටන් සාමිවරයාගේ ප්‍රතිමාව)
👣ඇඩිෂම් බංගලාව
මීදුමෙන් වැසුණු සීතල හපුතලේ නගරයේ සිට කිලෝ මීටර් හතරක් වාහනය පදවාගෙන යන අයෙකුට ශාන්ත බෙනඩික්ට් නිකායට අයත් පූජකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන පැරණි පන්නයේ තාපසාරාමය මග නොහැරෙන බව නම් විශ්වාසයි. හරිත පැහැ කඳුවැටි අතර ශාන්ත ව වැජඹෙන මේ ඇඩිෂම් බංගලාව දුටුවන්ගේ නෙත් පැහැර ගන්නා සොඳුරු ස්ථානයක්. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට එය ගොඩ නංවා ඇත්තේ ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස් විසින්. 1869 දී ඔහු උපත ලබා තිබුණේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයට අයත් ඇඩිෂම් නම් සොඳුරු ගම්මානයක යි.
ඉතින් ඔහු ලංකාවට ඇවිත් ඒ නමින් මෙම බංගලාව ඉදිකර තිබෙනවා.ඔයාලා ඇඩිෂම් බංගලාව බලන්න යනවනම් කොළඹ බදුල්ල පාරේ හපුතලේ ටවුන් එකෙන් වමට හැරිලා වැලිමඩ පාරේ ටික දුරක් ගියහම තමයි මේක දකින්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම තමයි මේක බලන්න සතියේ හැම දවසකම බෑ.සෙනසුරාදා ,ඉරිදා ,පෝය නිවාඩු හා පාසල් නිවාඩු දවස්වලට විතරයි ඇඩිෂම් බංගලාව බලන්න අවසර දෙන්නේ .
🍀රාවණා ඇල්ල
රාවණා ඇල්ල දළ වශයෙන් මීටර් 25ක් පමණ උසයි. ඒ වගේම තමයි මේ දිය ඇල්ල ලංකාවේ තියන ගොඩක් පළල දිය ඇලි අතරින් එකක්. දිය ඇල්ල කදු මුදුනින් පටන් අරගෙන කොටස් කීපයකට බෙදිලා ගල් අතරින් පහලට ඇද හැලෙන්නේ බලන් ඉන්න කාගෙත් ඇසට හරි අපූරු දර්ශනයක් මවා පාමින්. දිය ඇල්ල පහළට වැටෙන තැන තියන ප්‍රදේශයේ සමහර අය නාන්න, සෙල්ලම් කරන්න එහෙමත් පෙළබිලා තියනවා. හැබැයි මේ ප්‍රදේශයේ ගල් හරිම ලිස්සන සුළු නිසා හරිම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ දිය ඇල්ලේ වතුර නොසිතු විදිහට එක පාරටම වැඩි වෙන්නත් පුළුවන්.
රවණා ඇල්ල උඩටම යනවනම් පොඩි කැලෑවක් මැද්දෙන් ටික දුරක් කන්ද උඩට ඇවිදගෙන යන්න ඕනේ. එහෙමත් නැත්නම් හරිම ලේසියෙන් ප්‍රධාන පාරේ ඉදන්ම උනත් රාවණා ඇල්ලේ ලස්සන ඔයාලට බලා ගන්න පුළුවන්.
ඇත්තටම ඔයත් ස්වභාවධර්මයට ආසා කරන, ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම බලන්න යන්න ඕනේ ලංකාවේ තියන ලස්සනම දිය ඇලි අතරෙන් එකක් තමයි මේ රාවණා ඇල්ල. දිය ඇල්ලත් එක්ක බැදිලා තියන ඉතිහාසය හා පුරවුර්ත මේ දිය ඇල්ලේ රාජකීය බව හා ලස්සන තවත් වැඩි කරනවා. රාවණා ඇල්ලත් ඔයාලගේ සංචාරක ජීවිතේ අමතක නොවන මතක සටහනක් වේවි.🥺
🍀කහටරුප්ප ගලමුදුන විහාරය
බදුල්ල දිස්ත්‍රික්කයේ නිස්කලංක භූ දර්ශන තුළ පිහිටා ඇති මෙම පන්සල ආධ්‍යාත්මික වැදගත්කමකින් මෙන්ම ස්වාභාව සෞන්දර්යය අතින්ද ඉහළ වැදගත්කමකින් යුක්ත ස්ථානයකි .ගලක් මුදුනේ පිහිටා ඇති මෙම විහාරයේ රහතන් වහන්සේලාගේ භාවනා කුටි හා පර්වතය යට සැගවී ඇති පුරාණ මාලිගා පිළිබඳ කථා තියෙනවා . කඳු මුදුන දෙසට මුහුණලා ගලමුදුනේ තබා ඇති පුටුව නිසා මෙය ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත.බෝහෝ දෙන මෙහි ඇති සුන්දරත්වය විදීමට මේ පන්සලට එනවා.
ඉතින් බදුල්ලට එන ඔයාලට පුළුවන් මේ පන්සලට ගිහින් එන්න.😊
🍀මඩොල්සිම
මං මේ ඔයාලට කිව්වේ බදුලුපුරවරයේ තියෙන වඩාත් ආකර්ෂණීයම නැරඹුම් ස්ථාන කීපයක් විතරයි .පුංචි ශ්‍රී පාදය,,බෝගොඩ පාලම,මුතියංගන රජමහාවිහාරය වගේ තැන් ගොඩක් බදුලුපුරයට එන ඔයාලට නරඹන්න පුළුවන් .
තවත් මේ වගේ ලස්සන තැනක් ගැන ඊළඟ වතාවේ දී කතා කරමු.❤️🥰






.jpg)

