මං අද ඔයාලට කියන්නේ අපේ රටේ තියෙන ඓතිහාසික මෙන්ම ආකර්ෂණීය සංචාරක ස්ථානයක් ගැන.ඒ තමයි ඇතුගල වෙහෙර.🙏🌼 ඇත් කඳක ස්වරූපය ගත් මහා පර්වතය මායිම් කරගෙන ඉදිකරන ලද විහාරය ඇත්කද රජමහ විහාරය ලෙසට හඳුන්වනු ලබන අතර එය හත්ථි කන්ද විහාරය ලෙසත් හති ගිරි විහාරය ලෙසත් හඳුන්වනු ලබයි.
කුරුණෑගල මහනුවර මාර්ගයේ ප්‍රධාන හතරමං හන්දියේ සිට මීටර් 300ක පමණ දුරක් ගිය තැන ඇත්කඳ රජ මහා විහාරය හමුවේ. විහාරස්ථානය පිළිබඳ ඓතිහාසික තොරතුරු දේවානම්පියතිස්ස රාජ්‍ය සමය දක්වා ඈතට දිව යයි.
ඉතිහාසය
එය ක්‍රිස්තු පූර්ව 177 - 187 දක්වා දිගු ඉතිහාසයකි. අනුරාධපුර යුගයේ සූරතිස්ස රජතුමා විසින් ඇත්කඳ රජමහා විහාරය නිර්මාණය කළ බව සඳහන් වේ. මේ අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිටම මෙම ස්ථානය ආගමික හා ශාසනික වශයෙන් උසුලා ඇති වැදගත්කම් පිළිබඳවයි. සූරතිස්ස රජ දවස මෙම විහාරයේ පන්සියයකට වැඩි රහතන් වහන්සේ වැඩ විසූ බව කියැවේ.
මීට අමතරව විහාරස්ථානයේ සුවිශේෂී සිද්ධියක් ලෙස සලකනු ලබන්නේ, 4 වැනි පණ්ඩිත පැරකුම් රජු කුරුණෑගල රජ කරන සමයෙහි ජාතක පොත් වහන්සේ සිංහලයට පරිවර්තනය කිරීමය. ආගමික සාහිත්‍යයේ දියුණුව පිළිබඳ කතා කිරීමේදී අස්ගිරි තල්පතින් ඇත්කඳ රජමහ විහාරය පිළිබඳ කරුණු විස්තර කෙරේ. ඒ අනුව අස්ගිරි මහා විහාරයේ ආරම්භයේ දී එහි වාසය සඳහා වැඩම කළ තෙරුන් වහන්සේ ඇත් කඳ විහාරය නවාතැන් පළක් ලෙස භාවිතා කළ බවද එහි සඳහන්ය.
මෙම විහාරයේ ඇති විශාල ගලමුදුනට කුරුණෑගල නගරය ඉතා මනරම්ව දිස් වේ.මේ නිසාත් අවට ඇති ස්වාභාව සෞන්දර්යය අත්විදින්නට කැමති බොහෝ දෙනා මේ ස්ථානය නැරඹීමටත් වන්දනා කිරීමටත් පැමිණෙති.🌼🙏

Wow😍
ReplyDelete❤️❤️
ReplyDelete😘😘
ReplyDelete❤❤
ReplyDeleteNice😍❤️
ReplyDeleteexcellent
ReplyDelete😍🥰
ReplyDeleteGreat 🤩
ReplyDelete