ගම්පහ මල්වත්ත .
ගම්පහ මේ වගේ ලස්සන තැනක් තියෙනවද කියලා ඔයාලට හිතාගන්නත් බැරි වෙයි.ඉතින් අපි බලමු එහේ විස්තර ටිකක්.........
👣 ගමන් මාර්ගය
ගම්පහ නගරය පසුකර ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ කිලෝ මීටරයක් පමණ දුරක් යන විට වම්පස පිහිටි මල්වත්ත පාර දිගේ ස්වල්ප දුරක් යන විට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය පිහිටා ඇත.
විවෘතව තැබෙන වේලාවන් - පෙ.ව 8.00 - පස්වරු 5.30
ගම්පහ නගරය පසුකර ගම්පහ- මිනුවන්ගොඩ මාර්ගයේ කිලෝ මීටරයක් පමණ දුරක් ගිය පසු මාර්ගයේ වම්පස පිහිටි මල්වත්ත දිගේ ස්වල්ප දුරක් යන විට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය හමුවේ. ඒ, බොහෝ දෙනකු දන්නා ගම්පහ මල් වත්තයි.
බැලූ බැලූ අත හරිත පැහැයෙන් දිලෙන නෙතට සෞම්‍ය සිසිලක් ගෙන දෙන ගම්පහ මල්වත්ත පවුලේ සියලු දෙනාට නැරඹීමට යෑමට සුදුසු සුන්දර පරිසරයකි. එහි ඇති සුන්දරත්වය නිසාම විවාහ මංගල ඡායාරූප ගැනීමට බොහෝ දෙනෙකු හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තෝරා ගනු ලබයි. කුඩා දරුවන්ට විනෝද වීමටත් පවුලේ සැමට නිදහසේ ගතකිරීමටත් සුදුසු ස්ථානයක් ලෙස ගම්පහ මල්වත්ත ප්‍රසිද්ධය. අක්කර 36ක පමණ භූමි පෙදෙසෙක පිහිටා තිබෙන හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය විදෙස් සංචාරකයන් අතර පවා ජනප්‍රිය සොඳුරු වන අරණක් ලෙස හැඳින්විය හැකියි.
මෙරට ඇති ප්‍රධාන උද්භිද උද්‍යාන අතරට අයත් වන හෙනතරත්ගොඩ උද්භිද උද්‍යානය ද සුදු ජාතිකයන්ගෙන් අපට හිමිවූවකි. එහෙත් එහි මුල් අයිතිකරු වන්නේ ඒ ද සොයිසා මුහන්දිරම් නම් ප්රභූවරයෙකි.. පසුකලෙකදී මෙම භූමිය රජයට පවරා ගෙන ඇත. ශ්‍රී ලංකාව තම අණසකට යටත් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරට දේශගුණය කෘෂිකර්මාන්තයට සහ සෙසු වගාවන්ට වඩාත් යෝග්‍ය බව වටහා ගත්හ.. ඔවුන් මෙරට උද්භිද උද්‍යාන ඇති කළේ විවිධ රටවලින් ගෙන්වා ගත් විවිධාකාර වෘක්ෂලතා ඇතුළු ශාක වර්ග පර්යේෂණ මට්ටමින් සිටුවීම සඳහාය.
හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ආරම්භ කර ඇත්තේ 1876 වසරේදීියි. ගම්පහ මල් වත්ත කී සැණින් බොහෝ දෙනකුට සිහි වන්නේ ශ්‍රී ලංකාවේ පැරණිම රබර් ගසයි. ඊට හේතුව ලංකාවේ පළමු වතාවට රබර් වගාව පර්යේෂණාත්මක සිදු කළ භූමිය හෙතරත්ගොඩ උද්භිද උද්‍යානය වීම නිසයි. මුල්ම රබර් බීජය හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ රෝපණය වන්නේ ඒ අනුවයි. එහෙත් ඒ මුල් ශාඛය මුල් කාලෙය්දී මියගොස් ඇති අතර දෙවැනි රබර් ශාකට 1988දී සුළි සුළඟකින් විනාශ වී ඇත. එහෙත් අදටත් මෙරට විශාලතම රබර් ශාකය ඇත්තේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේය. එහි උස මීටර් 40ක් වන අතර වට ප්‍රමාණය මීටර් 5.7කි.
තවත් සුවිශේෂී කරුණක් නිසා ද හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය වැදගත් වේ. ඒ, ගම්පහ නගරයේ සංවර්ධනය සඳහා මෙම උද්‍යානය හේතු වී තිබීමයි. වත්මන් ගම්පහ දුම්රිය ස්ථානයේ දක්නට ලැබෙන පැරිණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය එදා ස්ථාපිත කර ඇත්තේ රබර් පර්යේෂණ කටයුතු සඳහා පැමිණෙන විදේශීය විශේෂඥයන්ට දුම්රියෙන් පැමිණීම සඳහාය. ඒ ආසන්නයේ ඇති ගම්පහ තානායම ඉදිකර ඇත්තේ ඔවුන්ට ලැගුම් ගැනීම සඳහා බවත් පැරන්නන්ගේ අදහසයි.
දුර්ලභ ශාක සහ සුන්දර මල්වර්ගවලින් සමන්විත මෙම උද්‍යානය නරඹන්නට දෙස් විදෙස් සංචාරකයෝ බොහෝදෙනකු පැමිණෙති. සොබාදහම සහ තුරුලතාත් පිළිබඳ පර්යේෂණ කරන්නන්ටද හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය පාරාදීසයකි. එකම උද්‍යානයක් තුළ විවිධ අංශ කිහිපයක් නිර්මාණය වී තිබෙනු එහි යනු ඔබට දැකගත හැකිය. වනෝද්‍යානය, ඖෂධ උයන, ජපන් ගොමුව, මල් ගොමුව, පලතුරු උයන, ගෘහ පැළ තවාන, පැළ විකුණුම් හල ඒ අතර වේ. මෙහි ඇති සමහර ශාක ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වන අතර විශේෂයෙන් සිංහරාජ ඇතුළු වනාන්තරවල දැකිය හැකි දුර්ලභ ශාක හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ දැකිය හැකි වේ. මෙහි ඇති ශාක විශේෂ 450ක් පමණ වේ. මීට අමතරව මෙහි පවත්වාගෙන යනු ලබන බෝට්ටු සේවාව ද දේශීය සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රියය.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යනු ලබන හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ශාක පිළිබඳ අධ්‍යාපන කටයුතු, මල් වගා පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා විශාල දායකත්වයක් ලබාදේ. මෙම උද්භිද උද්‍යානය සියනෑ පුරවරයට ඓතිහාසික වැදගත්කමක් එක් කරන සාඩම්බර උරුමයක් බව ද කිව යුතුය.


❤️😍
ReplyDeleteNice ❤️
ReplyDeleteGreat❤️
ReplyDelete😘❤️
ReplyDelete😍♥️
ReplyDeleteGood ❤
ReplyDelete😊😊😊😊
ReplyDeleteGood,❤️❤️
ReplyDelete🥰🥰
ReplyDelete